ආරච්චිගෙ මතය..!
මම, නිදහස් මත දරන, අසාධාරණයට එරෙහිව හඬ නඟන, සමාජය නව ඇහැකින් බලන, ඔබේම සොයුරෙක්...
Friday, January 26, 2018
කුසුම!
මගෙන් උදුරා ගත් ඒ කුසුම
මගෙන් ඉදිරී ගිය කුසුම මත
හිනැහෙමින් සරදම් කළායුරු
අද වගේ මතකයි... අද වගේ මතකයි!
-ආරච්චි-
සංසාර ජීවිතය...
හතිලමින්,
පැකිලෙමින්,
නිදිවරමින්,
මසු සොයමින්,
එමසු වැයකරමින්,
දින ගෙවමින්,
බොහෝ ආමුත්
මේ සසර ගමනේ...
නිමා නැත,
තව බොහෝ ඇත...
දා කඳුළු වගුරන්න...
මේ සසරෙ කැරකෙන්න...
එඩිගන්න... දිරි ගන්න... තව යන්න...
-ආරච්චි-
Wednesday, June 21, 2017
නාහිමියනි මාහිමියනි ඔබදුන් ඔවදන් - පිළිගන්නෙමු එඩි ගන්නෙමු අපි ගරු සරුවෙන්!
ඔටු හැතිකරෙ වනසනවා තැනු උරුමය විරු
හතර වටින් බොදුනුවන්ට අනිනව මුන් ටොකු
සඟරුවනට නමෙන් කථා කරමින් නොම ගරු
බත් බැලයෝ දෙස්පලුවෝ
පවසති මහ බොරු
වනසනවා බොදු උරුමය උතුරු නැගෙනහිර
පතුරනවා රටදැය වනසන කතන්දර
රට බෙදන්න දැය නසන්න කරනව තර්ජන
මේව අසා නිහඬව නම් කොහොමට ඉන්නද
බොදු උරුමය සැම තැන්හිම වනසා වනසා
බොරු චෝදන බොදුනුවන්ට කරනා
කරනා
සිඳුවන මේ අකටයුත්ත බලලා බලලා
නාහිමි මුව විවර කලා ඉවසා ඉවසා
කහ සිවුරේ රැකවරණය රට දැය වෙනුවෙන්
එදා පටන් ක්රියා කළේ උරුමය රකිමින්
නාහිමියනි මාහිමියනි ඔබදුන් ඔවදන්
පිළිගන්නෙමු එඩි ගන්නෙමු අපි ගරු සරුවෙන්!
-ආරච්චි-
රූ
Saturday, June 17, 2017
රකිනු මැන බුදුනට පිදූ මේ - මගේ මව්බිම සිංහලේ!
ගෙවල් පහකට පල්ලියක්
ඉඳිවු විට නම් කම් නැතේ
එලවු සිහලුන් යළි අවුත්
පන්සල තැනුම තහනම් වෙතේ
රජ පුතුන් තැනු අපේ උරුමය
දිනෙන් දින ඩෝසර් වෙතේ
සොළොස්මස්තැන් නාගදීපයේ
බුදුරුවට තහනම වැටේ
රටේ උරුමය අපේ උරුමය
හතර වටෙන්ම වැනසෙතේ
පුරා විදුවේ නිලධාරියෝ
අහෝ සැතපෙති මුනිවතේ
රටට හෙනයක් කඩා එනවිට
නැඟෙන හඬ කහ චීවරේ
නීති බලයෙන් රාජ බලයෙන්
වසා දැමුමට සැරසෙතේ
අන්තවාදය ආක්රමණය
රටපුරා ඔටු හැතිකරේ
මොකද මේ හෙළයාට වූයේ
පුංචි පවුලේ සාපෙ-නේ
දස දහස් ගණනක පටන් ආ
මහා උරුමය සිංහලේ
මෙත් කරුණාව බද්ධ වූවා
උතුම් දහමෙන් තිසරණේ
දෙව් රඳුණි මේ ලක සුරකිනා
බලා මේ මහ ව්යසනේ
රකිනු මැන බුදුනට පිදූ මේ
මගේ මව්බිම සිංහලේ
-ආරච්චි-
රූ
Wednesday, February 22, 2017
එරාවුර්හි රජයෙ ඉඩම් - උන් අල්ලති බලෙන් හිටන්! දිවා රැයේ වැඩලු හිටන්... හිටන් හිටින් බලන් හිටන්!
එරාවුර්හි රජයෙ ඉඩම්
උන් අල්ලති බලෙන් හිටන්
දිවා රැයේ වැඩලු හිටන්
හිටන් හිටින් බලන් හිටන්
රජයේ නිලධාරියාට
බැහැලු මේක නවතගන්ට
දර ඉපලක් කපාගන්ට
බැහැ-තහනම්! දකුණෙ උන්ට
නිලධාරිත් උන්ගෙම උන්
පාලකයොත් උන්ගෙම උන්
අනෙ නීතිය තව නැමියන්
සිංහලයට කෙළවෙනකන්
උන්ට නැද්ද පොදු නීතිය
මුසලුවීම හරි වාසිය...
ආණ්ඩුවෙත් විපක්ෂයෙත්
උන් ඔක්කොම එකම යාය
විල්පත්තුවෙ කැලෑ කැපුම
එකට හිටන් හරිය කීම
හැමට පෙනෙන කොල්ල කෑම
රෙදි ගලවල සුද්ධ කෙරුම
පෙනෙනා දෙය මෙසේම නම්
නොපෙනෙන්න්නට කෙසේම වෙම්
අන්තවාදෙ මේ මුස්ලිම්
නවත්තන්ට බලකරපන්
නීතිය හැමටම සමාන
යහපාලනෙ අපේ සිහින
බොඳවෙනවා අනේ මෙහෙම
යළි අරඹමු පුරුදු සටන!
මූලාශ්රය
-ආරච්චි-
Thursday, February 2, 2017
උත්තරීතර නීතිය!
කැලෑ පාලුවන් අභියස සැතපෙන,
දෙස්පාලුවන් අභියස ඇඹරෙන,
පොලිස්පතිවරයා නවන,
රජයේ නිලදරුවන්ට සෘජු
ව
න,
අහිංසකයන්ට රළුවන,
කම්කරුවන්ට,සිසුනට බැටදෙන,
මන්ත්රීගෙ පක්ෂය අනුව සෙලවෙන,
දමිළ මුස්ලිම් ජාතිවාදයට නිහඬ,
ඇතැමෙකුට ධන උල්පතක් වන,
ඔබත් මමත් සරණ යන,
අහෝ... උත්තරීතර නීතිය!
-ආරච්චි-
රූ මූලාශ්රය
Wednesday, January 25, 2017
සැමට සාධාරණේ...
සැමට සාධාරණේ
කොහෙන්දෝ ඇසුනානේ
බලන බලනා තැනේ
දුටුවේ අසාධාරණේ
දර ඉපලක් වනයෙන් කැපුම
වරදක්ලු මහ උළුගෙදරම ලඟින
කැලෑ පිටින්ම එළිකෙරුම
වරමක්ද ඇමති අනුහස් ලැබෙන
අහිංසක කම්කරුවන්
නියෝජනයට යැයි කියමින්
නයුවන් වරදාන ලබමින්
විඳිති සුඛ විහරණ යහතින්
විභාගය ලියුමට
හඳුනා ගැනුම අවැසිය
එනමුදු ගෝනි ඇඳුමට
නැත බාධා අවහිරය
යතුරු පැදියක යනවිට
හෙල්මටය අවැසිය
සිකුරාදා පල්ලියට
ඒ වගක්වත් නොමැතිය
අංක තහඩුව රැඳවුම
අවැසියි රිය පදින විට
අහෝ පුත්තලමට
ඒ නීති අවලංගුය
නිල-බලය ඇත්තෝ
නවති නීතිය යහතින්
අහිංසක අසරණයෝ
තැලෙති පොඩිවෙති යහමින්
-ආරච්චි-
2017-01-25
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)