Wednesday, June 21, 2017

නාහිමියනි මාහිමියනි ඔබදුන් ඔවදන් - පිළිගන්නෙමු එඩි ගන්නෙමු අපි ගරු සරුවෙන්!
























ඔටු හැතිකරෙ වනසනවා තැනු උරුමය විරු
හතර වටින් බොදුනුවන්ට අනිනව මුන් ටොකු
සඟරුවනට නමෙන් කථා කරමින් නොම ගරු
බත් බැලයෝ දෙස්පලුවෝ පවසති මහ බොරු

වනසනවා බොදු උරුමය උතුරු නැගෙනහිර
පතුරනවා රටදැය වනසන කතන්දර
රට බෙදන්න දැය නසන්න කරනව තර්ජන
මේව අසා නිහඬව නම් කොහොමට ඉන්නද

බොදු උරුමය සැම තැන්හිම වනසා වනසා
බොරු චෝදන බොදුනුවන්ට කරනා කරනා
සිඳුවන මේ අකටයුත්ත බලලා බලලා
නාහිමි මුව විවර කලා ඉවසා ඉවසා

කහ සිවුරේ රැකවරණය රට දැය වෙනුවෙන්
එදා පටන් ක්‍රියා කළේ උරුමය රකිමින්
නාහිමියනි මාහිමියනි ඔබදුන් ඔවදන්
පිළිගන්නෙමු එඩි ගන්නෙමු අපි ගරු සරුවෙන්!

-ආරච්චි-

රූ

4 comments:

  1. දැකිය යුතූ බව අස්ගිරි පාර්ශ්වයේ සංඝසභා නිවෙදනයෙන් කියවෙයි. ගෞරවාන්විත පදවලින් තොරව භික්‍ෂූන් නමින් ඇමතීම නොකළ යුත්තක් හා වහා නතර කළ යුත්තක් බව ද විශෙෂයෙන් සඳහන් කොට තිබිණ. මෙබඳු අදහස් අන්තර්ගත වූ අස්ගිරි නිවෙදනය බුදුසසුනට ලැදි කාගේත් අවධානයට යොමු විය යුත්තකි. බුදුන්වහන්සේට ධර්මයට හෝ සංඝයාට අපහාසාත්මකව භික්‍ෂුවක් හැසිරේ නම් එය එම භික්‍ෂුවට උක්ඛෙපනීය නම් වූ දඬුවම දී රැුහෙන් පලවා හැරීම ශාසනික පිළිවෙතයි. ගිහියකූ එසේ හැසිරේ නම් ඔහුට පත්තනික්කූජ්ජන දඬුවම දී ඔහුව ප‍්‍රතිෙක්‍ෂප කිරීම ශාසනික පිළිවෙතයි. එහෙත් මේවා අතීත ශාසනික පිළිවෙත් මිස වර්තමාන සඟ සසුන තූළ කි‍්‍රයාත්මක වන ඒවා නොවේ.

    ReplyDelete
  2. භික්‍ෂුත්වයෙන් මුලුමනින් ම පන්නා දැමිය යුතූ එක පාරාජිකයකට නොව සතර පාරාජිකයන්ට ම පැමිණියත් සිවුරේම රැුඳී සිටින තත්ත්වයන් යටතේ සඟ සසුනේ වර්තමානය බෙහෙවින් ම ශාසනවිරෝධී වෙයි. ඇතැම්විට සංඝ සභා එබන්දන්ගෙන් සංයුක්ත වන්නේ නම් මුලු සංඝ සභාවේම කටයුතූ විනය විරෝධීවන බවත් ඒ කටයුතූවලට සහභාගී වන භික්‍ෂු පිරිසම නින්දා කළයුතූ බවට පත්වන බවත් එසේ කෙරෙන සංඝ කර්මයන් බල රහිත බවත් බුද්ධනියමයයි.

    ගිහියන් භික්‍ෂූන් කෙරෙහි දක්වන ආකල්පය සකස් වීමට පාදක වන්නේ භික්‍ෂූන්ගේ හැසිරීම් රටාවයි. භික්‍ෂූන් ගිහියන් ලෙස හෝ ගිහියන්ටත් අන්ත ලෙස හැසිරෙත් නම් ගිහියන් ඔවුන් කෙරෙහි දක්වන්නේ අපහාසාත්මක ආකල්පයකි. භික්‍ෂුව ගිහියන්ගෙන් වෙන් ව වෙනස් ව කි‍්‍රයා කරන්නෙකි. භික්‍ෂුවට ගිහියන්ගෙන් වෙනස් වූ හැසිරීම් රටාවක් නියමිතය. ඒ රටාවෙන් ඉවත් වූ විට ගිහියාත් භික්‍ෂුවත් අතර වෙනසක් නැතිවෙයි. එසේ වන විට ගිහියා භික්‍ෂුව දකින්නේ අපහාසාත්මකවය. නින්දා කටයුත්තකූ ලෙසය. මේ තත්ත්වය නැති කරගනු සඳහා කි‍්‍රයා කළයුත්තේ භික්‍ෂුව විසින්මය. එය සංඝ නිවෙදන වලින් වළක්වාලිය හැක්කක් නොවේ. සංඝසභාවල කාර්යය විය යුත්තේ භික්‍ෂුව භික්‍ෂුත්වයට උරුම හැසිරීමෙහි හා ප‍්‍රතිපදාවෙහි පිහිටුවාලීමට අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගැනීමයි.
    භික්‍ෂුව විසින් සැබෑ භික්‍ෂුවකට උරුම ගෞරවය ගිහියන්ගෙන් ලබා ගැනීම තූළ ශාසනයේ පැවැත්ම රැුඳී තිබේ. බුදුන් වහන්සේ විසින් භික්‍ෂුන්ට විනය පැනවී ඇත්තේ භික්‍ෂූන් ප‍්‍රකෘති භික්‍ෂුත්වයෙහි රඳවා තබා ගැනීම සඳහාය. නිර්වාණය එහි ආනුසංගික ප‍්‍රතිඵලයක් මිස ඍජු ප‍්‍රතිඵලයක් නොවේ. විනයානුකූල වීම තූළ භික්‍ෂුව ගරු කළයුත්තකූ බවට පත්වෙයි. එවිට සසුන ගිහියන් අතර ප‍්‍රසාදයට පත් වෙයි. එය සසුනේ දිගූ කල් පැවැත්මට හේතූව වෙයි. විනයො නාම සාසනස්ස ආයු යනුවෙන් අතීතයෙහි විසූ භික්‍ෂූන් විසින් පවසා ඇත්තේ මේ නිසාය.

    ReplyDelete
  3. භික්‍ෂූන්ගේ හැසිරීම් රටාව භික්‍ෂුත්වයට උරුම වූවක් නොවේ නම් සසුන ආරක්‍ෂා කළ නොහැකිය. භික්‍ෂු රටාවෙන් ඉවත්ව සිවුර පමණක් භික්‍ෂුත්වයේ උරුමය කර ගනිද්දී සසුන ලෙස ඉතිරි වන්නේ බහිරවයන් විසින් රැුක ගන්නා නිධාන වැනි වූ සිවුරු දරාගත් ගිහියන් විසින් රකින වෙහෙර විහාර රැුසක් පමණි. මෙය බුදු සසුන පිහිටුවා ලූ බුදුන්වහන්සේගේ අභිලාෂය නොවේ. එබැවින් ගිහියන්ගේ ගෞරවයට පාත‍්‍ර විය හැකි භික්‍ෂු ආකල්ප හා හැසිරීම් භික්‍ෂූන්ට අවධාරණය කිරීමට බුදුන් වහන්සේ නිතරම කි‍්‍රයා කොට තිබේ. භික්‍ෂූන් විසින් සෑම මොහොතකම සිහිපත් කළ යුත්තක් ලෙස අවධාරණය කොට ඇත්තේ භික්‍ෂුව තමා ගිහියාගෙන් වෙනස් වූ ආකල්ප සම්පත්තියකින් එනම් හැසිරීම් රටාවකින් යුක්තව විසිය යුතූ බවයි. අඤ්ඤො මෙ ආකප්පො කරණීයොති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං යනුවෙන් දැක්වී ඇත්තේ එයයි.

    භික්‍ෂූන් අරභයා ගිහියන්ගෙන් නිසි තැන නැගෙන අවලාද අපහාස හා නින්දා ශාසනයේ විනාශයට හේතූවක් ලෙස සංඝ සභාවකින් දකින්නේ නම් එය සංඝ සභාවට වැරදී ගිය තැනකි. ගිහියෝ සැබෑ භික්‍ෂුවට කිසිවිට නොගරහති. සැබැවින් ම ගිහියන් භික්‍ෂූන් විවේචනය කරන්නේ ගරහන්නේ ඔවුන් භික්‍ෂුචර්යාවෙන් බැහැර වූ විටය. එබඳු විවෙචන හා ගැරහීම් ශාසනයේ යහපතට හා මනා පැවැත්මට සාධක වූ වග ශාසන වාර්තා වලින් ම සනාථ වෙයි.

    භික්‍ෂු සාරුප්‍ය නොවන හැසිරීම්වලට ගිහියන් එරෙහි නූනා නම් භික්‍ෂු ශාසනයක් අද අපට නොදකින්නට ඉඩ තිබිණ. බුදුන් පැනවූ විනය නීතිමාලාවේ බහුතරයක් නීති පැනවුනේ භික්‍ෂූන්ට එරහිව ගිහියන් නැගූ විරෝධතා හඬ නිසා බවට විනය පිටකයෙන් ලැබෙන සාක්‍ෂ්‍ය රාශියකි. පාරාජික පාලිය හා පාචිත්තිය පාලිය පුරා පැතිරී ඇති විනය නීති පැනවීමේ නිදාන කථා වස්තූවල අසාරුප්‍ය භික්‍ෂු හැසිරීම් වලට එරෙහිව ගිහියන් නැගූ විරෝධතා වාර්තාගත වී ඇත. කාමභෝගී ගිහියන් මෙන් ශ‍්‍රමණ ශාක්‍යපුත‍්‍ර භික්‍ෂූන් හැසිරෙන්නේ කෙසේදැයි අසමින් එවත ගිහියන් විරෝධතා නැගීම් උද්ඝෝෂණය කිරීම් පැවැත්වූ බව එම වාර්තාවන්හි දැක්වෙයි. බුදුන් වහන්සේ එම ගිහී විරෝධතාවන්ට ප‍්‍රතිචාර දක්වමින් අදාළ නීතිරීති පැනවීම් සිදු කොට තිබේ.

    වර්තමාන ලාංකික සඟ සසුන ලෙස පෙනී සිටින භික්‍ෂූන් වහන්සේලාගේ ශාසන විරෝධී හා විනය විරෝධී කි‍්‍රියාකාරිත්වයන් ගැන විමසා බලන හෝ සමාලෝචනය කරන කිසිදු ආයතනයක් හෝ සංඝ සභාවක් පවතින බවට කිසිම සාධකයක් නොමැත. එම නිසාම සඟ සසුන දිනෙන් දින අගාධයට ම යන බවක් දක්නට ලැබේ. කවර හෝ අරමුණක් මත මුසපත්ව ශීලාචාර මනුෂ්‍යත්වයට පවා නිගා දෙන අයුරින් කලකෝලාහලවල යෙදෙන සිවුරු ගලවාගෙන එහෙ මෙහෙ දුවන ගිහියන්ට තර්ජනාංගූලය ඔසවන ගල් මුගූරුවලින් දමා ගසන මාරාවෙශ වූ භික්‍ෂු කණ්ඩායම් ලාංකික ගිහී බෞද්ධයන්ට සුලභ දසුනක් වී තිබේ.

    ReplyDelete
  4. බුදුසසුන රැුකීම යන ලේබලය යටතේ කරලියට එන භික්‍ෂු කණ්ඩායම් බොහෝය. පුදුමය නම් ඒ ඒ කණ්ඩායම් සඳහා හුරේ දැමීමට සැදී පැහැදී ඇති ගිහී පේ‍්‍රක්‍ෂක පිරිස් ද පැවතීමයි. බුදුසසුන රැුක ගැනීම එකම අරමුණ බව හුවා දක්වන බැවින් එම කණ්ඩායම් හැඳින්වෙන්නේ ද ඊටම උචිත නම්වලිනි. බලය බලසේනා බලකාය වැනි නම් ඒවාට ඈඳා නොගතහොත් ජනතා ආකර්ෂණයක් නොලැබෙයි. මොවුන් රඟන්නේ දුම්මල වරමිනි. ඇතැම්චිට මහ සොහොන් දිෂ්ටිය හෝ රාවන අවතාරය ඔවුන්ගේ හිස්වලට ආරූඪ වෙයි. එසේ වූ විට ඔවුන් කි‍්‍රයා කරන්නේ බුදුන් දැක ආවෙෂ වූ ආලවකයා ලෙසිනි. එසේ නැතහොත් බුදුන් ඉදිරියෙහි වහසි බස් බිණූ වසවත්ති මාරයා පරිද්දෙනි. බුදුන් හමුවෙහි මේ හැම එකෙක්ම දමනය වුවත් සිවුරේ බලය ඉක්මවා යන්නට කිසිවකූ ඉදිරිපත් නොවන බැවින් අපේ මේ භික්‍ෂු කණ්ඩායම් යහතින් වීර චරිත රංගනයෙහි යෙදෙති..

    බොදු ජනතාව සිවුර කෙරෙහි දක්වන්නේ අසීමිත භක්තියකි. ගෞරවයකි. ඒ අනන්ත ගුණයෙන් අනූන බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා සිවුර දරා සිටි බැවිනි. මේ නිසා සිවුර දරා සිටින හැම කෙනෙකුම ගරු කළ යුත්තෙකැයි සිතන තරමට බොදු ජනතාව පෙළඹී සිටියි. කවර තරමේ පවු ගොඩක් තම ජීවිතය කරගෙන සිටින පංචස්කන්ධයක් වුව ද සිවුර දරා සිටින්නේ නම් ඕනෑම පාහර වැඩක් කරමින් යහතින් වැජඹීමේ හැකියාවක් සිවුර නිසා ලැබී තිබේ. සිවුරෙන් ලැබෙන පිටුවහල උපයෝගී කර ගෙන කවර තරමින් සසුන කෙලෙසුව ද සංඝ සභාවලින් ඒවාට විරෝධයක් නොනැගෙයි. ප‍්‍රතිකර්ම ද නොකෙරෙයි. ඒවාට එරෙහිව නීත්‍යනුකූල කි‍්‍රියා මාර්ග ගතහොත් බෞද්ධ මහජනතාව කිපී රජය දුෂ්කරතාවට පත් කරතැයි සිතා රජය ද අවශ්‍ය කි‍්‍රයා මාර්ග නොගනියි. මෙසේ බාධක එල්ල විය යුතූ දෙපාර්ශ්වයෙන් ම සිදුවන නිහඬ බව ආශීර්වාදයක් කර ගන්නා යථෝක්ත ගණයේ භික්‍ෂූහු තනිව හෝ සාමූහිකව රිසි සේ තම අරමුණු ඉටු කර ගනිති.

    බුදුසසුන රැුකෙන්නේ ඒ කෙරෙහි ජනතා ප‍්‍රසාදය වැඩි වූ තරමටය. භික්‍ෂූන්ට විනය ශික්‍ෂා පැනවීමේ අරමුණු අතර ද මේ කරුණ පැහැදිළිව දක්වා ඇත. සන්සුන් ඉඳුරන් ඇතිව කායවාග් සමාචාරයෙන් යුක්ත වන භික්‍ෂුව ඇසූ දුටුවන්ගේ පැහැදීම ඇති කරවයි. කෙලෙස් කසට ඉවත් නොකළ හික්මීමෙන් තොර යමෙක් සිවුරු දරන්නේ ද හෙතෙම සිවුරට නුසුදුස්සෙකැයි පැවසෙන්නේ ද එබන්දෙකූ සසුන රැුකීමට තබා තමන් රැුක ගැනීමටවත් අපොහොසත් වන බැවිනි. කූඩා සාමණෙර හිමී නමකගේ සන්සුන් දසුනින් බුදුසමය වැළඳ ගත් අශොක රජුගෙන් සසුනට වූ සේවය ගැන සියළු ලාංකික භික්‍ෂූන් මෙනෙහි කළ යුතූව තිබේ.

    අද ලක්දිව බුදුසසුන තූළ සිදු වන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. සිවුරවත් නිසි ලෙස හැඳ පෙරව ගැනීමටවත් නොදත් කූඩා සාමණේර හිමිවරුන් ද පෙලපාලිවල රැුගෙන ගොස් මහ තෙරවරුන් ඩෙඟා නටන හැටි පෙන්වමින් ඔවුන්ගේ ද විළිබිය වනසන සැටි සුලබව දක්නට ලැබේ. මේ තත්වය නවතා දැමීමට මහ තෙරවරුන් වහ වහා කි‍්‍රයා නොකරන්නේ නම් සසුන ඉතා නුදුරේ ම කාෂාවකණ්ඪකයන්ගේ රජ දහනක් වනු නොවැළැක්චිය හැකිය.

    සසුන රැුකීම භික්‍ෂූන්ගේ ප‍්‍රධන වගකීමයි. ඒ සසුන යනු අද බොහෝ දෙනකු සිතා සිටින සසුන නම් නොවේ. පන්සල් වෙහෙර විහාර බුදුපිළිම බෝගස් පන්සල් දේපල ආදිය සසුන ලෙස ගෙන ඇත්තේ ද්විතීයික අර්ථයකිනි. නියම සසුන යනු බුදුන් වහන්සේගේ අනුශාසනයයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් බෞද්ධයකු විසින් පිළිපැදිය යුතු හැසිරීම් රටාවයි.

    ප‍්‍රමුඛත්වයට පත්විය යුතු සසුන අප‍්‍රධාන වෙමින් ද්විතීයික සසුන ප‍්‍රමුඛ වීම කාලයා විසින් කරන ලද පෙරලියකි. දැන් එය යථා තත්වයට පත් කර ගැනීමට සුදුසු කාලයයි. මෙතෙක් සිදු කළ රඟපෑම් නිමා කර සදාචාර මාර්ගය වූ නියම බුදුසසුනට භික්‍ෂූන් වහන්සේ යළි වැඩමවන්නේ නම් ගිහි ජනතාව ද සසුනෙහි රැුඳෙනු ඇත. ඔවුන්ගේ ගෞරවාදරය ද භික්‍ෂූන්ට හිමි වනු ඇත. එවිට බුදුසසුන අතුරු ආන්තරාවකින් තොරව මනාව සුරැුකෙනු නියතය. එබැවීන් සංඝසභාවල ප‍්‍රමුඛ කාර්යය වීය යුත්තේ භික්‍ෂූන් මහජන ගෞරවයට නිස්සන් බවට පත් කරවීෙමි කි‍්‍රයා මාර්ග ගැනීමයි

    ReplyDelete