Monday, April 13, 2020

පතනෙමි නවවසර තිසරණට සිත් යොමා - සාමය, සතුට, නිරෝගිකම ලැබෙනු මනා!


එරබදු මල් පිපුණු බව මඟ හැරී ගියා
රතිඤ්ඤ නැතිව පරිසරයම නිහඬ උනා
රෙදිපිළි කඩ පාළු සුසාන බිම් සේයා
වෛරසයක් සියල් කණපිට පෙරලූවා

ගෙඩියක් දෙකක් වත් නෑ කොස් ගස් අත්තේ

මේ අවුරුද්ද නැහැ කාගෙත් සිත් අස්සේ
මව්පියො එහේ අපි මෙහෙ සිරවී ඇත්තේ
නැකැත් ඇවිත් - නෑවිත් වගෙ සිත් මත්තේ

කොහා දෙඩූවද අවුරුදු ඇවිත් කියා

බොඳ උනි සිත් සතුට වෛරසයක්ම නියා
පතනෙමි නවවසර තිසරණට සිත් යොමා
සාමය, සතුට, නිරෝගිකම ලැබෙනු මනා!

-ආරච්චි-