Wednesday, June 21, 2017

නාහිමියනි මාහිමියනි ඔබදුන් ඔවදන් - පිළිගන්නෙමු එඩි ගන්නෙමු අපි ගරු සරුවෙන්!
























ඔටු හැතිකරෙ වනසනවා තැනු උරුමය විරු
හතර වටින් බොදුනුවන්ට අනිනව මුන් ටොකු
සඟරුවනට නමෙන් කථා කරමින් නොම ගරු
බත් බැලයෝ දෙස්පලුවෝ පවසති මහ බොරු

වනසනවා බොදු උරුමය උතුරු නැගෙනහිර
පතුරනවා රටදැය වනසන කතන්දර
රට බෙදන්න දැය නසන්න කරනව තර්ජන
මේව අසා නිහඬව නම් කොහොමට ඉන්නද

බොදු උරුමය සැම තැන්හිම වනසා වනසා
බොරු චෝදන බොදුනුවන්ට කරනා කරනා
සිඳුවන මේ අකටයුත්ත බලලා බලලා
නාහිමි මුව විවර කලා ඉවසා ඉවසා

කහ සිවුරේ රැකවරණය රට දැය වෙනුවෙන්
එදා පටන් ක්‍රියා කළේ උරුමය රකිමින්
නාහිමියනි මාහිමියනි ඔබදුන් ඔවදන්
පිළිගන්නෙමු එඩි ගන්නෙමු අපි ගරු සරුවෙන්!

-ආරච්චි-

රූ

Saturday, June 17, 2017

රකිනු මැන බුදුනට පිදූ මේ - මගේ මව්බිම සිංහලේ!

ගෙවල් පහකට පල්ලියක්
ඉඳිවු විට නම් කම් නැතේ
එලවු සිහලුන් යළි අවුත්
පන්සල තැනුම තහනම් වෙතේ

රජ පුතුන් තැනු අපේ උරුමය 
දිනෙන් දින ඩෝසර් වෙතේ
සොළොස්මස්තැන් නාගදීපයේ
බුදුරුවට තහනම වැටේ

රටේ උරුමය අපේ උරුමය
හතර වටෙන්ම වැනසෙතේ
පුරා විදුවේ නිලධාරියෝ
අහෝ සැතපෙති මුනිවතේ

රටට හෙනයක් කඩා එනවිට 
නැඟෙන හඬ කහ චීවරේ
නීති බලයෙන් රාජ බලයෙන්
වසා දැමුමට සැරසෙතේ

අන්තවාදය ආක්‍රමණය
රටපුරා ඔටු හැතිකරේ
මොකද මේ හෙළයාට වූයේ
පුංචි පවුලේ සාපෙ-නේ

දස දහස් ගණනක පටන් ආ
මහා උරුමය සිංහලේ
මෙත් කරුණාව බද්ධ වූවා
උතුම් දහමෙන් තිසරණේ

දෙව් රඳුණි මේ ලක සුරකිනා
බලා මේ මහ ව්‍යසනේ
රකිනු මැන බුදුනට පිදූ මේ
මගේ මව්බිම සිංහලේ

-ආරච්චි-

රූ