Wednesday, January 25, 2017

සැමට සාධාරණේ...













සැමට සාධාරණේ
කොහෙන්දෝ ඇසුනානේ
බලන බලනා තැනේ
දුටුවේ අසාධාරණේ

දර ඉපලක් වනයෙන් කැපුම

වරදක්ලු මහ උළුගෙදරම ලඟින
කැලෑ පිටින්ම එළිකෙරුම
වරමක්ද ඇමති අනුහස් ලැබෙන

අහිංසක කම්කරුවන්

නියෝජනයට යැයි කියමින්
නයුවන් වරදාන ලබමින්
විඳිති සුඛ විහරණ යහතින්

විභාගය ලියුමට

හඳුනා ගැනුම අවැසිය
එනමුදු ගෝනි ඇඳුමට
නැත බාධා අවහිරය

යතුරු පැදියක යනවිට

හෙල්මටය අවැසිය
සිකුරාදා පල්ලියට
ඒ වගක්වත් නොමැතිය

අංක තහඩුව රැඳවුම

අවැසියි රිය පදින විට
අහෝ පුත්තලමට
ඒ නීති අවලංගුය

නිල-බලය ඇත්තෝ

නවති නීතිය යහතින්
අහිංසක අසරණයෝ
තැලෙති පොඩිවෙති යහමින්

-ආරච්චි-

2017-01-25